ශ්‍රීපාදස්ථානය - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 9, 2016

ශ්‍රීපාදස්ථානය

ශ්‍රීපාදස්ථානය

ශ්‍රීපාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති බෞද්ධ සිද්ධස්ථානයයි.

ශ්‍රීපාදස්ථානය, ශ්‍රී ලංකාව.

සමනල කන්ද[සංස්කරණය කරන්න]

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු, මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ද පූජනීය වන්දනා ස්ථානයකි. ප්‍රධාන ජාතීන් 4ක් එකට වන්දනාමාන කරන එකම කන්ද ලෙස ශ්‍රීපාදස්ථානය හැදින්විය හැක. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.

නාමකරණය[සංස්කරණය කරන්න]

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමයෙන් මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.

ශ්‍රීපාදය කරුණාකිරීම[සංස්කරණය කරන්න]


ශ්‍රීපාද කඳු මුදුනේ සෙවනැල්ල බටහිර තැනිතලාවට වැටී ඇති අයුරු
ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පහන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.

සබැඳි සාහිත්‍යය[සංස්කරණය කරන්න]


ක්‍රි.ව. 1909දී ශ්‍රී පාදස්ථානය දිස්වූ අයුරු
සමනොලගිර, ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රජවරු පිළිබඳ සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාජාවලිය, දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ ගණනාවකද දක්නට පුළුවන.
කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ.
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
අපේ සාහිත්‍යයේ සුවි‍ශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද
යන්ට හොඳයි තේවතු බල බලායේ
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ
කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය. එකල රජකම් කළ වළගම්බා රජතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි. ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක් කළ බවත් වංශ කතා වල සඳහන් වේ.
බු.ව. 236 වන විට ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් බවට පත්වි තිබේ. පොළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ පළමුවන විජයබාහු රජු විසිනි. "අඹගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
19 සියවසේ අග භාගය වන විටත් සිරිපා වන්දනා ගමනෙහි තිබූ දුෂ්කර බවත්, ත්‍රාස ඡනක බවත් "ටර්නර්" නැමති ලේඛකයා මේ විදිහට පවසයි.
"....................වන්දනා කරුවෝ නඩේ ගුරා අනුව කවි ගායනයේ යෙදෙමින් ගමනේ යෙදෙති.මාර්ගය රළුය, බිය ඡනකය,රුදුරු වන මෘගයන් ගෙන් ගහණය........."

19වන සියවසෙහිදී ශ්‍රී පාදය මස්කෙළියෙන් දිස්වූ අයුරු
සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා, කෝඩු, කිරි කෝඩු ,සැහැල්ලුව, හිමේ, කරුණාවයි, පේවීම, කට වරද්දා ගැනීම, කෝඩේ, අම්බලම, පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ‍ගේ පිහිට ප්‍රාර්ථනා කරති. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල, ශ්‍රීපාදස්ථානයට අරක්ගෙන සිටින සුමන සමන් දෙවියන් විසින් ආරක්ෂා කරගෙන කඳු මුදුනේ වාසය කරයි.

No comments: