ඉතිහාසය ද්වාරය - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 16, 2016

ඉතිහාසය ද්වාරය

ඉතිහාසය ද්වාරය

පුර්ව ශිලා යුගයේ දී ද ශ්‍රී ලංකාවේ ආහාර රැස්කරන්නන් සහ වී ගොවීන් සිටි බවට සාක්ෂි මෑතක දී කරන ලද කැණීම්වලින් හෙළි දරවු වී තිබේ. මේ අවධිය පිළිබඳ දන්නා කරුණු ඉතා අල්ප ය. අපේ ලිඛිත ඉතිහාසහ ඇරඹෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආර්යයන්ගේ පැමිණීමත් සමග ය. ආර්ය ජනාවාස අතුරින් අනුරාධපුරය පණ්ඩුකාභය රජුගේ පාලනය යටතේ බලවත් රාජධානියක් බවට පත් විය. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව අනුරාධපුරයේ නිර්මාතෘවරයා වශයෙන් පිළිගැනෙන්නේ ඔහු ය.
පණ්ඩුකාභයගෙන් පැවතෙන්නකු වන දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය තුළ ක්‍රි.පූ. 247 දී මෙරටට බුදුදහම හඳුන්වා දෙන ලද්දේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිදු මහ රහතන් වහන්සේ විසිනි. බුදුදහම මෙරට සංස්කෘතික ශ්‍රේෂ්ඨත්යට මං පෑදූ බැවින් මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අති වැදගත් සිද්ධියකි. මෙබඳු නව ශිෂ්ටාචාරයක් මල් පල දැරීමක් සමග ශ්‍රී ලංකාව සරුසාර වූ ද සමෘද්ධිමත් වූ ද රටක් බවට පත්විය.
ක්‍රි.පූ 2වන සියවස මැද භාගයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකුගේ අණසකට පත්විය. ක්‍රිස්තු යුගය ආරම්භයේ සිට ක්‍රි.ව. 4වන සියවස දක්වා ශ්‍රී ලංකාව පාලනය කරන ලද්දේ වාරිමාර්ග සංවර්ධනය කෙරෙහි සුවිශාල අවධානයක් දැක්වූ අඛණ්ඩව පැවත ආවා වූ ද ලම්බකර්ණ පරපුර විසිනි. මේ පරපුරේ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ (ක්‍රි.ව. 3 වන සියවසේ) මහසෙන් රජු සුවිශාල වැව් හෙවත් වාරිමාර්ගික ජලාශ ඉදි කිරීම ආරම්භ කළේය. වැව් ඉදිකළ තවත් ශ්‍රේෂ්ඨ රජෙක් වූයේ ධාතුසේන රජු ය. මේ රජු මරා දැමූ ඔහුගේ පුත් කාශ්‍යප සීගිරිය තම රාජකීය පුරවරය බවට පත් කරගෙන සීගිරිය පර්වත මස්තකය තම බලකොටුව අගනුවර කර ගත්තේය.
දකුණු ඉන්දියානු ආක්‍රමණවල ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 10වන සියවස අගදී බිඳ වැටුණේය. 1වන විජයබාහු රජු ආක්‍රමණිකයන් පලවා හැර ක්‍රිස්තු වර්ෂ 11වන සියවසේ දී පොළොන්නරුව සිය අගනුවර කර ගත්තේය. පොළොන්නරුවේ රජ කළ අනෙකුත් ශ්‍රේෂ්ඨ රජවරුන් අතර මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජවරු සිටි අතර ඔවුහු ගෘහනිර්මාණ ශිල්පීය අගයෙන් යුත් ගොඩනැගිලි රැසක් නිර්මාණය කොට නගරය අලංකාර කළහ.
සතුරු ආක්‍රමණ වරින්වර හටගත් බැවින් අගනුවර තැනිත් තැනට මාරු කරන ලදුව 1505 දී පෘතුගීසීන් ආක්‍රමණය කරන විට බටහිර දිග තැනිතලා ප්‍රදේශයට අයත් කෝට්ටේ ප්‍රධාන නගරය බවට පත්ව තිබිණි. පෘතුගීසීන් පැමි‍ණියේ කුළුබඩු වෙළඳාමට ය. එහෙත් මුහුදුබඩ ප්‍රදේශ පාලනයෙහි ඔවුන් 1656 වන තෙක් නියැලී සිට අතර ඉන්පසු ඊට ආක්‍රමණය කළ ඕලන්ද ජාතිකයෝ ඒ දෙයම කළහ. ඕලන්ද පාලනය 1656 සිට 1796 දක්වා පැවතිණි. 1796 දී ඔවුන් පලවා හැර බ්‍රිතාන්‍ය ජාතිකයෝ පාලනය සිය අතට ගත්හ. මේ අවධියේ කඳුකරයේ රාජධානිය මහනුවර අගනුවර වශයෙන් තබා ගෙත රටේ ඉතිරි ප්‍රදේශ පාලනය කළ විදේශීය බලවතුන් පුන පුනා පහර දෙද්දී තම නිදහස රැකගෙන සිටියේය. 1815 දී මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට පත් වූයෙන් ඔවුහු මුළු දිවයිනේම පාලනය තහවුරු කර ගත්හ. නූතන සන්නිවේදන ක්‍රම, බටහිර වෛද්‍ය සේවා, ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන් ම වැවිලි කර්මාන්තය ද (පළමුව කෝපි, ඉන්පසු තේ අනතුරුව රබර් සහ පොල්) යන මේවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වර්ධනයට පත් විය. සාමකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පරිණාමයකින් පසු ශ්‍රී ලංකාව තම නිදහස 1948 දී යළි ලබා ගත්තේය. දැන් ස්වෛරී ජනරජයක් වන ශ්‍රී ලංකාව පොදු රාජ‍්‍ය මණ්ඩලයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සාමාජිකත්වය දරන රටකි.

තෝරාගත් ලිපිය

තෝරාගත් පින්තූරය

ඔබ දැන සිටියාද...

කලාත්මක පර්වතයක් වූ ආලකමන්දාව

අද අප හදුන්වන සීගිරිය ලොව සුපතල කලාගාරයකි. ඇතැමෙක් එය බලකොටුවක් ලෙසද හදුන්වයි. අප දන්නා තරමින් මෙය පස්වන සියවසේදී කාශ්යඇප රජතුමා විසින් නිර්මානය වූවෙකි. ඇත්ත වශයෙන් ම සීගිරිය රාවනා රජ සමයට ත් පෙර එනම් අවුරැදු 3800 කටත් පෙර නිර්මාණය වූවෙකි. එකල සීගිරිය හැදින්වූයේ ආලකමන්දාව යනුවෙනි.
අතීත කතා අනුව එකල විසූ විශ්රොව රජුගේ පුත්ර යෙකු වූ හෙවත් රාවණා රජුගේ වැඩිමල් සොහොයුරෙකු වූ වෛශ්රෙවණ ආලකමන්දාවේ වාසය කර ඇත. වෛශ්රකවණ රාවණාත් සමඟ ආරාවුල් ඇති කරගත් හෙයින් වෛශ්රාවණ ආලකමන්දාව අත හැර ගියේය. පසුව එය කුම්භකර්ණ කුමරැගේ වාසස්ථානය විය. කෙසේ වෙතත් අවසානයේ දී ආලකමන්දාව විවිධ යුධ ගැටුම් හේතුවෙන් අභාවයට යන්නට ඇත.
සීගිරිය හෙවත් ආලකමන්දාව විජයාගමනයටත් පෙර අතිතයේ විසූ ජනයාගේ ශිල්පිය දක්ෂ තා මැනවින් පෙන්වා දෙයි. එහි ලොව සුපතළ බිතු සිතුවම් අතීත සිත්තරැන්ගේ නිර්මාණයක් වන අතර පසුව චිත්ර් ශිල්පය පසු බෑමකට ලක්ව ඇත. අතීත කතා අනුව ආලකමන්දාවේ පර්වත මුදුනේ මාළිගයට යාමට සෝපානයක් (කර්කටක යන්ත්රඅය) තිබී ඇත. මෙහි දෝලාව වැනි කොටසට මිනිසුන් නැඟී සිටි විට සේවකයන් අතින් ක්රිුයා කර වූ පසු සෝපානය ඉහලට එස වේ.
කෙසේ වුවත් මෙම අභාවයට ගිය ආලකමන්දාව කාශ්ය ප රජතුමා විසින් සීගිරිය නමින් ප්ර තිසංස්කරණය කරනු ලබයි. පසුව මෙහි චිත්රක හා නව අංග එකතු කරමින් වැඩි දියුණු කර ගත් පසු කාශ්යංප රජතුමා ආරක්ෂචක ස්ථානයක් ලෙසද, කලාගාරයක් ලෙසද භාවිතා කරන්නට ඇත.

ඉතිහාසය උපද්වාර

විකිව්‍යාපෘති

ඹබට කළ හැකි දේවල්

  • කර්තව්‍යය ලැයිස්තුව

ප්‍රවර්ග

   
Portal:ඉතිහාසය
ඉතිහාසය ද්වාරය

No comments: