සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: 'හැකි ඉක්මනින් ඉවත්වන්න' - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 26, 2017

සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: 'හැකි ඉක්මනින් ඉවත්වන්න'



කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම්
ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.
ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ආපදා තත්වයන් පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන දැනුම් දී තිබේ.
නාය යාමට ලක් වූ වෙයන්ගල්ල, අගලවත්තේ මළ සිරුරු ගොඩගනිමින්
Image captionනාය යාමට ලක් වූ වෙයන්ගල්ල, අගලවත්තේ මළ සිරුරු ගොඩගනිමින්

වහාම ක්‍රියාත්මකවන පරිදි සේවා ස්ථානවලට වාර්තා කරන මෙන් සියලුම රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙන අතර, කිසයම් නිලධාරියෙකු ගංවතුරට කොටු වී සිටින්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ/ඇයගේ දෙවැනි නිලධාරියා අදාළ රාජකාරි ඉටු කළ යුතු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ගංවතුරට කොටු වූ උඩුගම - කැටගොඩ ප්‍රදේශය (මාධ්‍යවේදී කසුන් පුස්සවෙල ගේ ෆේස්බුක් සටහනින්)
Image captionගංවතුරට කොටු වූ උඩුගම - කැටගොඩ ප්‍රදේශය

'බෝට්ටු ලබාදෙන්න'

දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං සමග හටගත් නාය යාම් හා ගංවතුර හේතුවෙන් ජිවිත හානි රැසක් වාර්තා වෙමින් පවතී.
ගංවතුර හා නාය යාමෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර, පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීම් හේතුවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දමා තිබේ.
ගංවතුරට කොටු වූ සහ අවතැන් වූ ජනතාවට සහන සැලසීම පිණිස නාවික හමුදාවේ බෝට්ටු සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබෙන අතර, අමතර බෝට්ටු ලබා දෙන මෙන් රජය ධීවර සහ සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
ගංවතුරට කොටු වූ වෙයන්ගල්ල, අගලවත්ත
Image captionගංවතුරට කොටු වූ වෙයන්ගල්ල, අගලවත්ත
ගංවතුරට කොටු වී සිටින පුද්ගලයන් වෙත ළඟාවීමට නොහැකි අවස්ථාවලදී ගුවන් මගින් එම බෝට්ටු ප්‍රවාහනය කරන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය ගුවන් හමුදාවට උපදෙස් දී තිබේ.
දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදුව පිවිසුම් ද ජලයෙන් යට වී තිබේ.
ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්වය තවත් දරුණු විය හැකි බැවින් සියලුම ආපදා කළමනාකරණ වැඩපිළිවෙල සීරුවෙන් තබා ඇති බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිදෙඅනය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments: