2017 සුභ නව වසරක් වේවා - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Jan 2, 2017

2017 සුභ නව වසරක් වේවා

                                   2017 සුභ නව වසරක් වේවා


2017 වසර බ්ලොග් ලියන බ්ලොග් බලන, කමෙන්ට් කරන සියලු දෙනාට සුභ නව වසරක් වේවා.

2017 ට මගේ අවිහිංසක ප්‍රාර්ථනා කිහිපයක් ඇත. මේවා ප්‍රාර්ථනාවෙන් ඔබ්බට ගොස් යථාර්ථයන් බවට පත්වේවා යන්න මගේ ඊලඟ ප්‍රාර්ථනයයි.          

පත්තරේ බලලා ජනාධිපතිතුමා නිව්ස් දැනගන්න නිසා රටේ තිබෙනා ප්‍රශ්න දැනගැනීමට ටිකක් කලින් පත්තරය ජනාධිපතිතුමාගේ අතට ලැබේවා.

වැරදි කරන රැහේ එකාලාට උනත් දඩුවම් දෙන්න එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ සඳහා මඩු වලිග ඇති පදම් ලැබේවා.

බැඳුම්කර වැනි මහ දවල් හොරකම් නැවත මේ රටේ ඇති නොවේවා.

දූෂණ ගැන කථා කර රාජපක්ෂලා එලවා දමන්නට දායක වූ කට (විතරක්) ඇති  ෆුට් නෝට්  සෙට් එකට නැවත දූෂණ ගැන කථා කිරීමට කොන්ද කෙලින් වේවා.

සියඹලා ගස් යටදී “උස සෙකියුරිටි, මිටි කම්කරු“ ජොබ් දෙන්නේ නැතිව සාධාරණ ක්‍රමයකට තරුණ තරුණියන්ට ජොබ් ලැබෙන ක්‍රමයක්  ඇති වේවා.

“යස් සර් නෝ සර් ඇරෙස්ට් කරන්නේ නෑ සර්“ කියන්නට පොලිස් නිලදරුවන්ට සිදු නොවේවා. .

නීතිය නොනැමේවා. නීතිය සැමට සාධාරණ වේවා.

මේ රටට වැඩක් කළ රාජ්‍ය සේවකයන්ට හිරේ විලංගුවේ වැටීමටත්, එෆ්.සී.අයි.ඩී. යාමටත් සිදු නොවේවා.

කොටු පනින්නට ගොස් එන අතරමගදී රස්තියාදුකාර කොල්ලන් පදින අධිවේගී යතුරුපැදි ඇමතිවරුන්ගේ වාහනවල නොගැටේවා. එසේ ගැටුනද ඇමති වෙනුවට ඩ්‍රයිවර් පසුව පොලිසියට බාර නොවේවා.

ලොකු ඇත්තන්ගේ පුත්තු කල්බ්වල වීදුරු කුඩු නොකරත්වා.

රිරී යකා, මහසෝනා වැනි විකට නාම මාධ්‍යකරුවන්ට පටනොබැඳේවා.

ඇන ගන්නේ නැතිව අඩුම තරමින් අයවැයක්, පනතක් සම්මත කරගන්නවත් ආණ්ඩුවට හැකිවේවා.

ඔන්න දෙනවා මෙන්න දෙනවා කියා අවුරුදු දෙකක් තිස්සේ කියන ජී.එස්.පී. ප්ලස් සහනය අපේ රටට ලැබේවා.

ඔන්න ආවා මෙන්න ආවා මෙන්න මුල්ගලත් තිබ්බා කිව්වත් අන්තිමට තියපු මුල්ගලත් හොයාගන්න බැරි විදේශ ආයෝජකයින්ගේ කර්මාන්තශාලා ආරම්භවී මගේ රට දියුණු වේවා.

පහලට බැස ඇති මැති ඇමතිවරුන්ගේ මොලේ තිබිය යුතු තැන්වලට ගමන් කරත්වා.

යහපාලන ආණ්ඩුවද කටින් බතල හිටවීම නවත්වා රටට වැඩ කරන්න පටන් ගනීවා. නැත්නම් කොරන්න පුලුවන් කෙනෙකුට දී දිරා මාරුවෙත්වා.

2017 රටට යහපතක්වන වසරක් වේවා

ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන්ද මේකට එකතු උනාට වරදක් නැතිය.

No comments: