මේ දේවල් නිවැරදිව කරගත්තෝතින් තමන්ගේ බ්ලොග් එක අනිත් බ්ලොග් අතර සාර්ථක බ්ලොග් එකක් කරගන්න පුළුවන්.
- අධික ලෙසින් පෝස්ට් ලිවීම
දවස් දෙකකට සැරයක් පෝස්ට් එකක් ලිවීම හොදටම ප්‍රමාණවත් සාමාන්‍ය බ්ලොග් එකක් නම්. පුවත් බ්ලොග් එකක්නම් මේ කියන දේ අදාල වෙන්නේ නැහැ.
- තොරොම්බල් කඩයක් කිරීම / කියවීමට අපහසු තීම් යෙදීම
ඒ වගේම ගොඩක් දෙනා මුලින්ම වගේම සමහර අය අවුරුදු 4කට විතර පස්සෙත් තාමත් කරන වැරැද්දක් තමා කියවන්න අපහසු තීම් යෙදීම. තමන්ගේ බ්ලොග් එකේ කන්ටෙන්ට් එක එන පාඨකයෙක්ට කියවන්න පුළුවන් වෙන්න ඇහැට ප්‍රියජනක, අමාරු නොවන තීම් එකක් සොයාගන්න/හදාගන්න හැම කෙනෙක්ටම පුළුවන්.
බ්ලොගර් වෙතින් අළුතින් හදුන්වලා දුන්න Dynamic තීම් එකතුව ගොඩක් හොදයි.
- නොදන්නා මාතෘකා ගැන ලිවීම
- කැඩිච්ච භාෂාවක් භාවිතා කිරීම
බ්ලොග් එකට එන පාඨකයෙක්ට කියවන්න ලේසිවෙන විදියේ භාෂාවක්, එහෙමත් නැතිනම් User friendly language එකක් භාවිතා කිරීම මඟින් බ්ලොග් එකට එන අය ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්.
එහෙමනම් අළුතින් බ්ලොග් එකක් ලියන අය වගේම දැනට බ්ලොග් ලියන, මේ වැරදි කරන අය මේ වැරදි නවත්තලා බ්ලොග් එක ජනප්‍රිය කරගන්න අවස්ථාවක් උදාකරගනියි කියලා හිතනවා.
අධික කාර්යබහුල තත්වය නිසා බ්ලොග් ලිවීම/ වීඩියෝ බ්ලොග් යන දෙකම කරන්න කාලයක් නැති තරම්. ජොබ් එකක් කරද්දී එහෙම වෙන එක ඉතින් එක අතකින් වැරදිත් නැහැ.


No comments:
Post a Comment