සිංහල භාෂාව - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Nov 19, 2016

සිංහල භාෂාව

සිංහල භාෂාව

"සිංහල" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, සිංහල (වක්‍රෝක්තිහරණය) බලන්න.
සිංහල
සිංහල siṁhala
කතා කරන්නේ ශ්‍රී ලංකාව
කතා කරන ජනගහනයමිලියන 20
භාෂා පවුලIndo-European
අක්ෂර ක්‍රමයසිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි)
Official status
රාජ්‍ය භාෂාව වන රට ශ්‍රී ලංකාව
පරිපාලනය කරනු ලබන්නේපරිපාලනය කරනු නොලැබේ
භාෂා සංකේත
ISO 639-1si
ISO 639-2sin
ISO 639-3sin
Linguasphere
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .
ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

සිංහල සාහිත්‍යය[සංස්කරණය කරන්න]

සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසිලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට සිංහල අකුරු යොදාගනී.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
ක්‍රි.ව. 20 වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත් පතෙහි සිටි ප්‍රසිද්ධ කතුවරයෙකි)

සිංහල භාෂාවේ විකාශනය[සංස්කරණය කරන්න]

සිංහල භාෂාවේ මූලික වශයෙන් ස්වරූප දෙකකි. ලේඛනය සහ භාෂණය වශයෙනි. මෙකී ප්‍රධාන ස්වරූප දෙකෙහි අනු ස්වරූප ගණනාවක් පවතී.

කථාකරන සිංහල සහ ලියන සිංහල[සංස්කරණය කරන්න]

සිංහල භාෂාවේ කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) තරමක් වෙනස්ය.

කථික බස (කතා කරන බස) - මම ගෙදර යනවා.
ලිඛිත බස (ලියන බස - මම ගෙදර යමි. කථික බස - අපි පන්සල් යනවා. ලිඛිත බස - අපි පන්සල් යමු.

සිංහල අකුරු[සංස්කරණය කරන්න]

ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අකුරු පැවත එන බව පුරාවිද්‍යාඥයෝ පවසන නමුත් හෙල හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.

සිංහල පිල්ලම්[සංස්කරණය කරන්න]

සිංහල හෝඩි[සංස්කරණය කරන්න]

සිංහල හෝඩි කීපයක් ඇත.
1. අමිශ්‍ර සිංහල හෝඩිය(අක්ෂර 30 කි) වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ.
2. මිශ්‍ර සිංහල හෝඩිය(අක්ෂර 54 කි) මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්ෂර)
3. නූතන සිංහල වහෝඩිය වශයෙනි.(අක්ෂර 60 කි) ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්ව මෙම හෝඩිය සකස් කර ඇත.

සිංහල යුනිකේත[සංස්කරණය කරන්න]

යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස ද ඇතුළත්ව ඇත Sinhala. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.

සිංහල ඉලක්කම්[සංස්කරණය කරන්න]

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත.

සිංහල පද[සංස්කරණය කරන්න]

සිංහල පද වර්ග 5කට බෙදේ

සන්ධි[සංස්කරණය කරන්න]

දකුණතින් පහණද වමතින් මල් වට්ටියද ගත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියේය.
ඉහත වාක්‍යයයේ දකුණතින්, වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ ඉහත පද සෑදී ඇත්තේ
දකුණු + අතින් = දකුණතින් වම් + අතින් = වමතින් මල් + අසුන් = මලසුන
ආදී ලෙස වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගිනි , උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස පද සන්ධි කිරීම සිදු කරයි,

ශීර්ෂ පෙළ[සංස්කරණය කරන්න]

සන්ධි ඇතිවීම[සංස්කරණය කරන්න]

ඉහත ආකාරයට පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.
  1. ස්වර සන්ධිය
  2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
  3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
  4. ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
  5. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
  6. ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
  7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
  8. පරරූප (පර රූප) සන්ධිය
  9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
  10. ආගම සන්ධිය

1. ස්වර සන්ධිය
සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - මලසුන
මල් + අසුන = සන්ධි වන පද දෙක වෙන්කළ විට
ම (ල් + අ) සුන = පද දෙකෙන් එක් පදයක් ඇති ස්වරයත් අනෙක් පදයේ ඇති හල් අකුරත් එකතුවී තනි අකුරක් සෑදීම
ම (ල) සුන = සන්දි වීමෙන් පසුව
උදා -
  • ඔවුනොවුන් = ඔවුන් + ඔවුන් → ඔවු (න් + ඔ) වුන් → ඔවු (නො) වුන්
  • උපනුපන් = උපන් + උපන් → උප (න්+උ) පන් → උප (නු) පන්

2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් දෙවන පදයේ මුල්ස්වරය හෙවත් පර ස්වරය ලොප්(හැලීම/ ඉවත්වීම) වී දෙවන පදයේ මුල් සිවරය හා ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - නැණැති
නැණ + ඇති = සන්ධි වන පද දෙක වෙන්කළ විට
නැ (ණ් + අ) + ඇති = පද දෙකෙන් පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති = දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති = සන්දි වීමෙන් පසුව
උදා -
  • දකුණැස = දකුණු + ඇස → දකු(ණ් + උ) + ඇස → දකු(ණ් + ඇ )ස → දකු(ණැ)ස
  1. ගමනාගමනය (ගමන+ආගමනය)
  2. සුරිඳු (සුර+ඉඳු)
  3. නිරිඳු (නර+ඉඳු)
  4. යනෙන (යන+එන)
  5. කර්ණාභරණ (කර්ණ+ආභරණ)
  6. උදරාබාධ (උදර+ආබාධ)
  7. සියැසින් (සිය+ඇසින්)
3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප්(හැලීම/ ඉවත්වීම) වී දෙවන පදයේ මුල් සිවරය හා ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - නැණැති
නැණ + ඇති = සන්ධි වන පද දෙක වෙන්කළ විට
නැ (ණ් + අ) + ඇති = පද දෙකෙන් පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති = දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති = සන්දි වීමෙන් පසුව

සිංහල අක්ෂර වින්‍යාසය[සංස්කරණය කරන්න]

සිංහල යෙදුම්[සංස්කරණය කරන්න]

ප්‍රස්ථාව පිරුළු[සංස්කරණය කරන්න]

සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී.
  1. උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
  2. කිරි ගහට ඇනීම - හරියටම හරි
  3. කුඩම්මාගේ ආදරය - ව්‍යාජ ආදරය
  4. කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
  5. කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
  6. දීකිරට බළල්ලු සාක්කි
  7. නයාට ගහලා පොල්ල වරද්දගන්නවා -
  8. බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
  9. අතීසාරයට අමුඩ ගහනවා වගේ
  10. මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ - යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම
  11. පරංගියා කෝට්ටේ ගියා වාගෙයි - කෙටි මගක් තිබියදී දිගු මගකින් යාම (සරල ක්‍රියාවක් මහා පරිමාණයෙන් කරන්නට යෑම)
  12. වක්කඩේ හකුරු හැංගුවා වාගේ - නිෂ්ඵල දෙයක් කිරීම (අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන)
  13. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ
  14. අන්දරේ සීනි කෑවා වගේ
15 නයාට අදුකොළ වගේ

No comments: