ආසියාව
| භූමිප්‍රමාණය | 44,579,000 කිමී2(17,212,000 වර්ග සැත) |
|---|---|
| ජනගහණය | 3,879,000,000 (1වන)[1] |
| ජනගහණ ඝණත්වය | 89/කිමී2 (226/වර්ග සැත) |
| ජාතිකත්ව නාමය | ආසියානු |
| රටවල් | එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ වෙනත් 6 කි. (රටවල් ලැයිස්තුව) |
| පරායත්ත රාජ්‍යයන් | |
| හඳුනානොගත් ප්‍රදේශ | |
| භාෂා | භාෂා ලැයිස්තුව |
| වේලා කලාප | UTC+2 සිට UTC+12 |
| අන්තර්ජාලය TLD | .ආසියාව |
| විශාලතම නගර | |
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය[2] .
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන්නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[3]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
නිරුක්ති විස්තරය[සංස්කරණය කරන්න]
අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්[සංස්කරණය කරන්න]
මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.

No comments:
Post a Comment