ශ්‍රී ලංකාවේ ක්‍රිකට්
| ශ්‍රී ලංකාවේ ක්‍රිකට් | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පාලන ව්‍යුහය | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය |
| ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව |
| පළමු ක්‍රීඩා කිරීම | 1800 |
ක්‍රීඩා සමාජ තරගාවලි
| |
ජාත්‍යන්තර තරගාවලි
| |
ශ්‍රී ලංකාවෙහි ක්‍රිකට් වෘත්තීයමය මට්ටමෙන් ක්‍රීඩා කෙරේ. එය ශ්‍රී ලංකාවෙහි වඩාත් ජනප්‍රියම ක්‍රීඩාවද වේ. ශ්‍රී ලංකාව ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දහය අතුරින් එකක් සහ ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිකරගත් රටවල් පහෙන් එකක් වේ. දිවයිනෙහි ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීයමය, අර්ධ-වෘත්තීයමය සහ විනෝදාංශ මට්ටමේ ක්‍රීඩාවක් ලෙස සිදුකෙරෙන අතරම ජනගහනයෙන් වැඩි පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග රුචිකත්වයෙන් යුතුව නරඹනු ලබයි.
පටුන
[සඟවන්න]ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
මූලික ලිපිය: ශ්‍රී ලංකාවෙහි ක්‍රිකට් ඉතිහාසය
එම්.කේ.ඇල්බට් සහ එල්.ඩී.එස්.ගුණසේකර,1916 කාලයේ සිටි සුප්‍රසිද්ධ පිත්කරුවන් දෙපලකි.යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවට දායාද වී ඇති ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇත.[1]තවද ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වන අතර දෙවන නිල නොවන ජාතික ක්‍රීඩාව ක්‍රිකට් වේ.
ක්‍රිකට් ක්‍රීඩාව නිසා මේ වන විට අප රට ජාත්‍යන්තර පිලිගැනීමක් ලැබී ඇත.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පිලිගැනීම ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කලේ ගමිණි දිසානායක මහතා වේ.පලමු ටෙස්ට් තරගය පැවැත් වූයේ 1982 ජූලි මාසයේදිය.එතැන් පටන් ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව 90 ගනන් වන විට ව්ශාල වර්ධනයක් පෙන්නුම් කෙරිණි.
අප රටේ පැරණිතම සහ මුල්ම ක්‍රිකට් සමාජය වන්නේ කොළඔ ක්‍රිකට් සමාජය වේ.එය ආරම්භ වී ඇත්තේ 1832 සැප්තැම්බර් 5 වන දිනය.කොළඔ ඇකඩමියේ වර්තමාන නාමය කොළඔ රාජකීය විදුහලයි.1860 මුල් කාලයේදී කොළඔ සහ අප් කන්ට්‍රි කණ්ඩායම් සමඟ තරගයෙන් සහ 1875 තරගයන් නිසා ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත වීම ආරම්භ විය.
1879 දී කොළඔ රාජකීය සහ ගල්කිස්ස තෝමස් යන පාසල් දෙක අතර පැවති තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රිඩාව පාසල් ක්‍රීඩකයන් අතරද ප්‍රචලිත විය.
1992 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ජය ගෙන ඇත.1996 ලොක කුසලාන තරගාවලියේ අනිත් සියලු රටවල් පරදවා ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වී ඇත.එහිදී හ්‍රී ලංකාවට අවසන් තරගයට මුහුන දීමට සිදු වූයේ ලෝක සූරයන් වු ඕස්ට්‍රේලියාව සමඟ වේ.
එකල පැවත් ක්‍රීඩා සමාජ කිහිපයක්
- 1869 - කොළඹ ක්‍රිනට් සමාජය (මෙය පැරණිතම ක්‍රිකට් සමාජයයි)
- The Union Club
- The Slave Island Club
- The Juvenile Graduates
පසු කාලීනව බිහි වූ ක්‍රීඩා සමාජ කිහිපයක්
- කොළඔ කොල්ට්ස්
- කොළඹ නොන්ඩේස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය (NCC)
- කොළඹ ක්‍රීඩා සමාජය
- මහනුවර ක්‍රීඩා සමාජය
- දික්ඔය සහ මස්කෙලිය ක්‍රිකට් සමාජය
පරිපාලන ව්‍යුහය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාරණි නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL), ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පාලන ව්‍යුහය ලෙස ක්‍රියාත්මක වන ආයතනය වේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පළමු-පෙළ ක්‍රිකට් එමගින් පාලනය කෙරේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකුද වේ. ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානයට සහ 2011 ක්‍රිකට් ලෝක කුසලානයට සම සත්කාරකත්වය ලබාදෙන ලදී.
දේශීය තරගාවලි[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
ජාතික කණ්ඩායම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
මූලික ලිපිය: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම
කාන්තා කණ්ඩායම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
අන්තර්ජාතික ටෙස්ට් ක්‍රීඩාංගන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
- ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය
- ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය
- පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය
එක් දින අන්තර්ජාතික ක්‍රීඩාංගන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]
- මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගනය
- රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය
- ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය
- ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය
- පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය

No comments:
Post a Comment