සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Jan 8, 2017

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.
එයින් සේවා කිහිපයක් මෙන්න:

Blogger

Blogger
ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා http://www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.

WordPress.com

Wordpress
WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.

MyBlog.lk

myblog.lk
මීට අමතරව සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.

WordPress

WordPress
මේ ආකාරයෙන් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කිසිදු ක්‍රමලේඛණ (programming) දැනුමක්, වෙබ් නිර්මාණය (web developing) පිලිබඳ දැනුමක් හෝ මහලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැති බව කිව යුතුයි. එම සේවා සකසා ඇත්තේ ඕනෑම පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ඉගෙනගෙන භාවිතා කල හැකි ආකාරයකට. ඔබ වෙබ් නිර්මාණය ගැන දැනුමක් ඇත්තෙක් නම්, ඔබටම ඩොමේනයක් හා වෙබ් ස්පේස් එකක් ඇත්නම් වඩාත් අලුත් ආකාරයකට ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නත් පුලුවන්. ඒ WordPress නම් ලෝ සුපතල වෙබ් මෘදුකාංගය ඔබේ සර්වරයක පිහිටුවීමෙන්. මේ සම්බන්ධ සියලු විස්තර www.wordpress.org මගින් ලබාගත හැකියි. මලින්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් WordPress මෘදුකාංගය සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර එම සිංහල අනුවාදය si.wordpress.org මගින් ලබාගත හැකියි.
බ්ලොග්කරණයේදී ඔබට විවිධ ගැටලු මතු විය හැකි වුවත් ඒ පිලිබඳව බිය විය යුතු නැහැ. ඔබේ බ්ලොග්කරණය සම්බන්ධ සියලු ගැටලු වලට උදව් කිරීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක් ප්‍රධාන පරමාර්ථයක්. මෙසේ උදව් උපකාර ලබා ගැනීමටත්, අන් අයගේ ගැටලු වලට උදව් දීමටත් ඔබට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහය වෙත එක් වෙන්න පුලුවන්.

සිංහලෙන් ටයිප් කරන හැටි

සිංහලෙන් බ්ලොග් අඩවියක් අරඹන්නට අවශ්‍ය වෙන එකම දැනුම සිංහලෙන් ටයිප් කිරීමේ දැනුම විතරයි කියලා කියන්න පුලුවන්. ඒත් මේකත් ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි වගේම ටයිප් කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම එකින් එක අපි විමසා බලමු.

සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම

wijesekara layout
සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.
අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල “EN” යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් “SI” තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.
යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.

සිංග්ලිෂ් යතුරු පුවරු

සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට “මට බඩගිනියි” කියලා අපි ලියනවා “mata badaginiy” කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.
Garp Singlish යතුරුපුවරුව
පරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.
සිංග්‍රීසි
සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න http://singreesi.vndv.com
Singlish Sinhala TypeWriter
මෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න. http://groups.google.com/group/singlish-typewriter
UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.
SinGlish transliterated –> Sinhala Unicode
SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode

තිරය මත (On Screen) යතුරු පුවරු

මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්. UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම යොමුවෙන් ලබාගත හැකියි.

No comments: