බුද්ධාගම - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Dec 8, 2016

බුද්ධාගම

බුද්ධාගම

[සඟවන්න]
බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 
Dharma Wheel.svg
ප්‍රමුඛ චරිත
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. බුද්ධාගමේ සම්ප්‍රදායයන් කිහිපයක් පවතී.

ප්‍රධාන සම්ප්‍රදායන්[සංස්කරණය කරන්න]

Bouddha.jpg

ඉන්දියාවේ බුද්ධාගම[සංස්කරණය කරන්න]

ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක.
1. මුල් කාලීන බුද්ධධර්මය (නිකාය භේදයට පෙර) - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි.
  • ප්‍රකෘත බුදුදහම
  • මුල් කාලීන බුදුදහම
2. නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්‍රදයන්ගේ මුල් කාලීන බුදුදහම
3. පුර්ව මහායාන බුද්ධ ධර්මය
4. පසුකාලීන මහායාන බුද්ධධර්මය
5. වජ්‍රයානා බුද්ධ ධර්මය
මෙම විකාශනයන් සැමවිටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.

මුල්කාලීන බුදුදහම[සංස්කරණය කරන්න]

මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැඳින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලීන බුද්ධ සම්ප්‍රදායන්ය.
සමහර වියතුන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම් නොදන්නා අතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාශියක් ඉදිරිපත්ව තිබේ.
සූත්‍ර පිටකය හා විනය පිටකය
බුදුදහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විතය. එහි මූලික ග්‍රන්ථ වනුයේ විනය පිටකය ය.
බුදුදහමේ මූලික ඉගැන්වීම් පහත අයුරින් වර්ගීකරණය කළ හැක.
  • නැවත ඉපදීම
  • කර්මය
  • වතුරාර්ය සත්‍යය
නැවත ඉපදීමට පැහැදිලි ආරම්භයක් ‍නොමැති අතර ඉපදීම විවිධ වර්ගයේ ජීවන තත්ව තුළ ඇතිවිය හැක.
යහපත් හා අයහපත් ක්‍රියාවලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියාවලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමථ හෝ සමාධි භාවනාවල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක.

මුල් කාලීන බුදුදහ‍මේ ව්‍යාප්තිය හා වැඩි දුර දියුණුව[සංස්කරණය කරන්න]

නිකාය භේදයෙන් පසුව සෑම සංඝයා වහන්සේ නමක්ම අභිධර්මයේ පිටපතක් ළඟ තබා ගැනීමට කටයුතු යොදා ගත් සේක. බෞද්ධාගම ප්‍රචලිත වනවාත් සමග අභිධර්ම පිටකය සෑදුනි. එහෙත් යම් ශාස්තෘවරුන් මෙම පිටක භාවිතයට ගෙන නැත. ඔවුන් පිළි ගත්තේ බුදුන් වහන්සේ දේශනාකර වදාළ ධර්මයට කිසිවක් එකතු නොකළ යුතු බවටය. එනමුත් 5 වැනි සියවසේ ෆාහියන් සහ 7වන සියවසේ ක්සුඅන් සැංග්, අභිධර්මය පිළිබඳව පිටපත් මහා සංඝික පාසලෙන් සපයාගෙන ඇත.
බෞද්ධ සංස්කෘතික ග්‍රන්ථයක් වන මිලින්ද ප්‍රශ්නය කෘතියේ සඳහන් වන්නේ දෙවන සියවසේදී ඉන්දු ග්‍රික අධිරාජ්‍යයෙක්‌ වන මෙනන්දර් බෞද්ධාගම වැළඳ අරහත් භාවය ලබා ගත් බවයි.
අශෝක අධිරාජ්‍යයා බෞද්ධාගම ප්‍රචලිත කිරීමට බොහෝ වෙහෙස දැරුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇෆ්ගනිස්තානය ඇතුළු මධ්‍යම ආසියාවේ හා ශ්‍රි ලංකාවේ බෞද්ධාගම බොහෝ සේ ප්‍රචලිත විය. මෙම කාල පරිච්ඡේදය දැනුවත්වම බෞද්ධාගම ඉන්දියාවෙන් පිටතට යොමු කෙරුණු යුගයකි.

මහායාන බුදුදහමේ වර්ධනය[සංස්කරණය කරන්න]

මහායාන බුදුදහමේ ආරම්භය සිදු වු ස්ථානය භූගෝලීය පිහිටීම ස්ථිරව කිව නොහැකිය. 1 වන සියවසේ ආරම්භයත් සමඟ කුෂාන් අධිරාජ්‍යයේ (වර්තමාන පකිස්ථානය) වයඹ කොටස, ෂටවහන අධිරාජ්‍ය (අන්ද්‍ර ප්‍රදේශය) තුළ, බාරැකද්ද වරායටබටහිරින් පිහිටි ප්‍රදේශ වල වාසය කරන ලද කුඩා කණ්ඩායම් අතර මහායාන බුදුදහම බලපෑමකින් තොරව වර්ධනය විය. සමහර වියතුන්ගේ මතය නම් ස්ථුප වන්දනාව කෙරෙහි ඇල්මක් දැක්වු ගිහි බෞද්ධයන් අතර මහායාන ආරම්භ වූ බවයි. විවිධ දර්ශනවාද හා මුලාරම්භ වලට අයත් භික්ෂුන්ට එකම විනය නීති පිළිපදින තාක් කල් එකම විහාරස්ථානයක තුළ වාසය කළ හැක. නමුත් අභිධර්මය කරුණු පිළිබඳව තිබුනේ විරුද්ධ අදහස්ය.
මායාහන බුදුදහමේ වැදගත් අංගක් බෝධිසත්ව වන්දනාවයි. එය මුල් කාලීන බුදු දහමේ මෙන්ම ථෙරවාදී බුදුදහමේ ද දක්නට ලැබෙන මුත් මහායානය එයට වඩා වැදගත් තාවයක් ලබාදුන් අතර සියලු දෙනාම බෝධිසත්වරු බවට පත් විමට උත්සහා දැරිය යුතු බවද ප්‍රකාශ කලේය.
කුෂාන් විසින් 4 වන ධර්ම සංඝායනාව පවත්වන ලදි. නමුත් එම ධර්ම සංඝානාව තේරවාදයේදී පිළිගැනීමක් නොලැබේ. මෙම ධර්ම සංඝායනාවේ දී ත්‍රිපිටකය පමණක්ම නොව නව සුත්‍ර සමුහයක්ද (පියුම් සුත්‍රය, හෘද සුත්‍රය, අමිතාභ සුත්‍රය) බෝධිසත්ව සංකල්පනවාද හඳුන්වා දෙන ලදි. මෙම ධර්ම කරුණු සංස්කෘත භාෂාවෙන් ලියා තබන ලදි. සියවස් ගණනාවකදී මහායානය ඉන්දියාවේ සිට නිරිත දිග ආසියාව, මධ්‍ය ආසියාව හා නැගෙනහිර චීනයට ව්‍යාප්ත විය.

මහායාන සාම්ප්‍රදායට ඉතා ඉහළ බලපෑමක් ඇති කරන පුද්ගලයා වනුයේ නාගාර්ජුන පඬිතුමාය (ක්‍රි.ව. 150 -250 කාලය පමණ) කුෂාන් අධිරාජ්‍යයෙන් පසුව ආරම්භ වු ගුප්ත රාජ්‍ය සමයේද (4-6 සිවයස) බුදුදහම ඉන්දියාවේ සමෘද්ධිමත්ව පැවතුනි. මහායාන ඉගැන්වීම් කේන්ද්‍ර බිහි වු අතර මෙයින් වඩාම වැදගත් ස්ථානයක් වන්නේ ඊසාන දිග ඉන්දියාවේ පිහිටි නාලන්දා විශ්වවිද්‍යාලයයි.

    No comments: