ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Dec 10, 2016

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
Sri Lanka Broadcasting Corporation
SLBC-Logo.jpg
වර්ගයගුවන් විදුලි , සහ මාර්ගගත
රටශ්‍රී ලංකාව
උපයෝජ්‍යතාවයජාතික
අන්තර්ජාතික;
අයිතිකරුශ්‍රී ලංකා ආණ්ඩුව
දියත්කල දිනය1925 (ගුවන් විදුලිය)
1967 (සංස්ථාගත කිරීම)
පූර්ව නාමයන්රේඩියෝ සිලෝන්රේඩියෝ සිඇක්රේඩියෝ සිලෝන්ලංකා ගුවන් විදුලි සංස්ථාව (1925-1972)
ශ්‍රි ලංකා රජයේ නිල ගුවන් විදුලි විකාශන ආයතනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

කලම්බෝ රේඩියෝ (කොළඹ ගුවන්විදුලිය)[සංස්කරණය කරන්න]

මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන් 1925 දී ආරම්භ කරන ලද්දකි. 1921 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස වැඩ බාර ගත් එඩ්වර්ඩ් හාපර් මහතා, ලංකාවෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ අත්හදා බැලීම් ආරම්භ කල ප්‍රථම පුද්ගලයා වේ. පර්යේෂණ පදනමින් වූ ප්‍රථම සම්ප්‍රේෂණය 1923 දී සිදු විය - ලංකාවෙහි විදුලි සංදේශ කාර්යාලයයෙහි වූ කුඩා කාමරයක සිට, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙහි ඉංජිනේරුවන් විසින් තනන ලද සම්ප්‍රේෂකයක ආධාරයෙන් ග්‍රැමෆෝන් සංගීතය විකාශය කරන ලදී - සම්ප්‍රේෂකය තනන ලද්දේ අල්ලා ගන්නා ලද ජර්මානු සබ්මැරීනයක තිබූ ගුවන් විදුලි උපකරණ භාවිතයෙනි. යුරෝපයේ සම්ප්‍රේෂණ සේවා ආරම්භ වී වසර 3ක් ගතවන විට ලංකාවෙහිද සම්ප්‍රේෂණ සේවා ආරම්භ කරන ලදී. 'ලංකාවෙහි‍ ‍ගුවන්විදුලි සම්ප්‍රේෂණයෙහි පියා' ලෙස හැඳින්වෙන එඩ්වර්ඩ් හාපර්, ඉංග්‍රීසි හා සිංහල ගුවන් විදුලි ලෝලීන් සමග එක්වී සිලෝන් වයර්ලස් ක්ලබ් ලෙස සමාජයක් නිර්මාණය කලේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් සාමිවරයා 1925 වසරේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රථම වතාවට කලම්බෝ රේඩියෝවෙන් ජාතිය අමතා කතා කලේය. මෙය ඉතිහාසගත අවස්ථාවක් විය. අන්තර්ජාතික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ඉතිහාසය ගත් කල, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ සම්ප්‍රාප්තිය මහා බ්‍රිතාන්‍යයඇමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය යන රටවල් සමඟ මෙරට සමතත්ත්වයෙහි ලා තබයි. ගුවන් විදුලි සම්ප්‍රේෂණ ලෝකයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගත් රටක් විය.

රේඩියෝ සිඇක්[සංස්කරණය කරන්න]

දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදා කොළඹදී ගුවන් විදුලි මෙහෙයුම් සිදු කරන ලද අතර එමඟින් රේඩියෝ සිඇක් හි උපත සිදු විය. අග්නි දිග ආසියාව හරහා මිත්‍ර හමුදා වෙත පුවත් සහ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කල නිවේදකයින් අතර කොළඹ පදනම් කරගත් බ්‍රිතාන්‍ය නිවේදකයින් වන ඩේවිඩ් ජේකොබ්ස් සහ ඩෙස්මන්ඩ් කැරිංග්ටන්(මොවුහූ යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී) ට බැඳුනහ) වැනි අයද වූහ. යුද්ධය අවසන් වූ පසු රේඩියෝ සිඇක් නැවතත් ලංකා ආණ්ඩුවට ලබා දෙන ලද අතර, එහිදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) ලෙස එහි නාමය වෙනස් කරන ලදී. මෙම නමෙහි සිදු වූ වෙනස, දකුනු ආසියාවේ ගුවන් විදුලි විකාශනයේ නව පිටුවක් පෙරලීමෙහි පෙර මග සලකුණු කළේය. ආයතනය ඉතා ඉක්මණින් දකුනු ආසියානු වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්විය.

රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය)[සංස්කරණය කරන්න]

1950 සහ 60 දශක වලදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) දකුණු ආසියානු ගුවන් විදුලි ආධිපත්‍යය දරමින් ඉහළින් වැජඹුනි. මිලියන ගණනක් ශ්‍රාවකයෝ එහි වැඩසටහන් වලට සවන් දුන්හ. මෙය රේඩියෝ සිලෝන්හි ස්වර්ණමය යුගය විය. කොළඹ ක්‍රමය යටතේ, ඕස්ට්‍රේලියාවෙහි සිට ක්ලිෆර්ඩ් ඩොඩ් නම් කලමණාකරුවෙක් ගෙන්වන ලදී. රේඩියෝ සිලෝන්හි වෙලඳ සේවය ආරම්භ කරන ලද්දේ ඩොඩ් විසිනි - අති සාර්ථක වූ එමඟින් දිවයිනට මිලියන ගණනක ආදායමක් ලැබිණි. රේඩියෝ සිලෝන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලෝකයේ බිහිවූ හොඳම නීවේදකයන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නවුන් පිරිසක් තනන ලදී. ඉන් කිහිප දෙනෙක් වන්නේ ලිවී විජේමාන්නවර්නන් කොරයාපර්ල් ඔන්ඩච්චිග්රෙලග් රොස්කොව්ස්කිටිම් හෝර්ශින්ග්ටන්ක්ලෝඩ් සෙල්වරත්නම්ජිමී බරුචාතේවිස් ගුරුගේඑ'. ඩබ්ලියු. ධර්මපාලකරුණාරත්න අබේසේකරචිත්‍රානන්ද අබේසේකරඑච්. එම්. ගුණසේකරඑස්. පී. මයිල්වාගනම්ඥානම් රත්නම්නිහාල් භාරතී ලියෝන් බෙලත්එරික් ප්රචනාන්දුනිරන්ජන් අබේසුන්දරමොලී වල්පොල, නී පොන්නම්පලම්, නොයෙලින් හොන්ටර් සහ විජය කොරයා යන පිරිසයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයන්ට උපකාර වූයේ නිදහස් මාවතේ තිබූ ශබ්දාගාර වල සාමාජික කල්ලියේම සිටි, ඉතා කැපවීමෙන් ක්‍රියා කල ගුවන් විදුලි මෙහෙයුම් සහායකයන්ය. මෙම විශිෂ්ට මෙහෙයුම් සහායකයන් අතර ක්ලිෆර්ඩ් බස්නායකසිසිර චන්ද්‍රසේකරවසන්ත ලංකාතිලක සහ මහින්ද ප්‍රනාන්දු යන අය විය.

ලංකා ගුවන් විදුලි සංස්ථාව[සංස්කරණය කරන්න]

ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ වූයේ 1967 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා එවකට පැවති රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) මහජන සංස්ථාවක් බවට පත්වීමෙන් පසුවය. 1967 දී ලංකාවෙහි ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක විසින්, අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස හා ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි අධ්‍යක්‍ෂ ජනරාල් නෙවිල් ජයවීර සමඟ උත්සවාකාරයෙන් අලුතින් පිහිටුවන ලද ලංකා ගුවන් විදුලි සංස්ථාව විවෘත කරන ලදී. රිජ්වේ තිලකරත්න (1973 – 1977) සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරීය.[1]

අනුස්මරණ උත්සව[සංස්කරණය කරන්න]

වසර 80ක සම්ප්‍රේෂණ ඉතිහාසය[සංස්කරණය කරන්න]

2005 වසරේදී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගුවන් විදුලි ලෝකයේ වසර 80ක විකාශනය සමරන ලදී. මෙය ගුවන් විදුලි සේවයේ ඉතිහාසගත සුවිශේෂී සිදුවීමක් වූ අතර එය ශ්‍රී ලංකා සන්නිවේදනයේ වැදගත් පරිච්ඡේදයක් විය.

වසර 40ක් මහජන සංස්ථාවක් ලෙස[සංස්කරණය කරන්න]

2007 වසරේදී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මහජන විකාශන සංස්ථාවක් ලෙස 40 වසරක සේවය සමරන ලදී. 1967 දී සංස්ථාගත කිරීමත් සමඟම එහි නම ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස වෙනස් විය. 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරිනි.

ඉංග්‍රීසි වෙළෙඳ සේවයේ නැවත දියත් වීම[සංස්කරණය කරන්න]

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉංග්‍රීසි වෙළෙඳ සේවය නැවත දියත් කිරීමට 2008 දී තීරණය කලේය. 1950 සහ 60 කාල වකවානු වලදී වෙළෙඳ සේවය, රේඩියෝ සිලෝන්හි වැඩියෙන්ම අලෙවිවූ සේවය වූ අතර දකුණු ආසියාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණයෙහි ප්‍රමුඛත්වය දැරීමට උපකාරී විය. මෙම සේවයේ නැවත දියත් වීම සිදු කෙරුනේ 2008 හි සැප්තැම්බර් 1 වැනිදාය. මෙයට පෙර ශ්‍රී. ලං. ගු. වි. සං. හි වැඩි ගුවන් කාලයක් වෙන් කර තිබූයේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී.) වැඩසටහන් සඳහාය. නව මුහුණුවරක් ගත් ඉංග්‍රීසි වෙළෙඳ සේවයේ විනෝදාත්මක වැඩසටහන් ප්‍රමාණය වැඩි කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේ දිවයිනේ සහ විශාල ඉන්දියානු උප මහද්වීපයේ ශ්‍රාවකයන් පිරිස වැඩි කර ගැනීමෙන් වෙළෙඳපොල කොටසක් ග්‍රහණය කර ගැනීමයි.

No comments: