ෂර්ලොක් හෝම්ස්
| ෂර්ලොක් හෝම්ස් | |
|---|---|
| ෂර්ලොක් හෝම්ස් චරිතය | |
|
1904දී සිඩ්නි පැජට් අදින ලද ෂර්ලොක් හෝම්ස්ගේ රූපයක්
| |
| පළමු පෙනීසිටීම | ලෝහිත වර්ණයෙන් අධයයනයක් |
| තනන ලද්දේ | සර් ආතර් කොනන් ඩොයිල් |
| තොරතුරු | |
| ස්ත්‍රී/පුරුෂ භාවය | පුරුෂ |
| වෘත්තිය | උපදේශක රහස්පරීක්ෂක |
| පවුල | මයික්‍රොෆ්ට් හෝම්ස් (සොහොයුරා) |
| ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
වෙනත් භාවිතා සඳහා, බලන්න Sherlock Holmes(වක්‍රෝත්තිහරණය).
ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වනසර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන “උපදේශක රහස් පරීක්ෂකයෙකි.
1887 ප්‍රකාශනයක මුලවරට දකින්නට ලැබුන හෝම්ස්, ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකථා 56ක් තුල දිගහැරෙයි. මුල්ම නවකතාව ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක්, බීටන්ගේ නත්තල් වාර්ෂිකය නම් සගරාවේ 1887 කලාපයේත්, දෙවැන්නවූ,සිව්දෙනාගේ සලකුණ, ලිපින්කොට්ගේ මාසික සගරාව නම් සගරාවේ, 1890දීත් ප්‍රකාශයට පත් විය. 1891දී, “බොහිමියාවේ අර්බුධය”න් ආරම්භකර ස්ට්‍රෑන්ඩ් සගරාවේ පලවූ ප්‍රථම කෙටි කතා මාලාව සමග මෙම චරිතයට ඇති ජනප්‍රියත්වය විශාල ලෙස වර්ධනය විය; එතැන් පටන් 1927 දකවා කාලය තුල එයාට බැදුන තවත් කෙටිකතා මාලාවක් සහ නවකතා දෙකක්ද පලවිය. 1880 සිට 1914 දක්වා කාලය පුරා මෙම කතා මාලාව දිවෙයි.
කතා හතරක් හැර අනි සියලුම කතා ලියා ඇත්තේ, හෝම්ස්ගේ මිතුරා සහ අපදාන කතෘවන දොස්තර ජෝන් එච්. වොට්සන්විසින් ලියන ආකාරයෙන් වන අතර, දෙකක් (“සුදුමැලි සොල්දාදුවා” සහ “සිංහ කේෂර”) ෂර්ලොක් හෝම්ස් විසින්ම ලියවෙන ආකාරයටත්, තවත් දෙකක් (“මැසරින් පාෂාණය” සහ“ඔහුගේ අවසන් ආචාරය”) තුන්වන පාර්ශවයක් අතින් ලියවෙන ආකාරයටත් ලියා ඇත. කතා දෙකකදී . (“මුස්ග්‍රෙව් චාරිත්‍රය” සහ “ග්ලෝරියා ස්කොට්” ) හෝම්ස් වොට්සන්ට මූලික කථාව සිය මතකයෙන් පවසන අතර වොට්සන් කථාව ලියා තබයි. ප්‍රථම සහ අවසන් නවකතාවන ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක් සහභීතියේ නිම්නය යන දෙකෙහිම, හෝම්ස් හො වොට්සන් නොදුටු තෙවැනි පාර්ශව කථාවක්ද අඩංගුය.
පටුන
[සඟවන්න]හෝම්ස් චරිතයට හේතු වූ වස්තු බීජය[සංස්කරණය කරන්න]
ඩොයිල් පවසන්නේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කිරීමට වස්තු බීජයවූයේ, එඩිම්බරෝ රාජකීය රෝහලේ ලිපිකරුවෙක් වශයෙන් සේවයකල කාලයේ ඔහුගේ ප්‍රධානියා වූ ශල්‍යවෛද්‍ය දොස්තර ජෝසෆ් බෙල් බවයි. හෝම්ස් කරන ආකාරයෙන්ම, කුඩා නිරීක්ෂණ තුලින් විශාල නිගමන කිරීමට ඇති හැකියාව පිළිබද බෙල් ප්‍රසිද්ධියක් ලබා සිටියේය[1].කෙසේ වෙතත් වසර කිහිපයකට පසු කොනන් ඩොයිල්ට ලිපියක් ලියන බෙල් මෙසේ පවසයි. “ෂර්ලොක් හෝම්ස් ඔබමයි, ඔබත් එය දන්නවා”[2]. එඩිම්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නීති මිමංශයෙහි සභාපති ධූරය දැරූ, සර් හෙන්රි ලිට්ල්ජෝන්ද හෝම්ස් සදහා වස්තුබීජ සැපයූවෙක් ලෙස සැලකෙයි. පොලිස් සාජන්වරයෙක් සහ වෛද්‍ය නිලධාරියෙක් ලෙස එඩිම්බරෝ සෞඛ්‍ය අංශයේ ස්‌වය කල ලිට්ල්ජෝන් වෛද්‍ය විමර්ශන සහ අපරාධ පරීක්ෂණ අතර සම්භන්ධය ඩොයිල්ට පෙන්වා දුන්නේය[3].
ජීවිතය[සංස්කරණය කරන්න]
මුල් කාලීන ජීවිතය[සංස්කරණය කරන්න]
කොනන් ඩොයිල්ගේ මුල් කෘති තුල, දොස්තර වොට්සන් විසින් වාර්ථා කරන ලද, ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමයන්ගෙන් බාහිර, පැහැදිලි තොරතුරු ඉතා අල්පය. කෙසේවෙතත්, කෘති වල ඇති ආනුෂංගික තොරතුරු, රහස්පරීක්ෂකයාගේ මුල්කාලීන ජීවිතය සහ පවුල පිළිබද දුර්වල සිතුවමක් සපයයි. ඔහුගේ වයස පිළිබද තක්සේරුවක් ලබාදෙන “ඔහුගේ අවසන් ආචාරය”ට අනුව ඔහු ඉපදී ඇත්තේ 1856ය. මෙම කෙටි කථාව ලියන ලද්දේ 1914 වන අතර එහි ඔහුගේ වයස 60ක් වන බව සදහන්ය. ලෙස්ලි කිලින්ගර් පවසන්නේ උපන්දිනය ජනවාරි 6 වියයුතු බවය[4].
හෝම්ස් පවසන්නේ ඔහුගේ නිගමන ක්‍රමවේදය ඔහු විසින් තනන ලද්දේ ඔහු උපාධි අපේක්ෂකයෙක් ලෙස අධ්‍යාපනය ලබන කාලයේ බවයි. ආධුනිකයෙකු ලෙස විසදූ, ඔහුගේ මුල්ම පරීක්ෂණ, ඔහුට ලැබුනේ මිත්‍ර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙනි[5]. ඔහුගේ පන්තිසගයෙක්ගේ පියාගේ ගැටලුවක්, තමා රහස්පරීක්ෂනයට වෘත්තිමය වශයෙන් යොමුවීමට හේතු වූ බව ෂර්ලොක් හෝම්ස් පවසා ඇත[6]. විශ්වවිද්‍යාලයෙන් පසු අවුරුදු හයක් ඔහු උපදේශක රහස් පරීක්ෂකයෙක් ලෙස කටයුතු කර ඇතී අතර, පසුව කතාන්දරයන් ලිවීම ආරම්භ වූයේ මුල්‍ය බාදක හේතුවෙන් දොස්තර වොට්සන් සමග නිවසක් කුලියට ගැනීමත් සමගය.
1881 පටන්, 221බී, බේකර් වීදිය, ලන්ඩනය යන ලිපිනයෙහි පදිංචිව සිටිමින් ඔහු සිය උපදේශක රහස්පරීක්ෂක සේවාව පවත්වාගෙන ගිය බව පැවසේ. මුල්ම අත් පිටපත්වල සදහන්වන ආකාරයට, 221බී පඩි 17නැග යායුතු, පාරේ ඉහල කෙලවරේ පිහිටි නිවාසයකි. දොස්තර වොට්සන්ගේ ආගමනයට පෙර හෝම්ස් වැඩ කලේ තනිවම වන අතර, කලාතුරකින් පමණක්, නගරයේ පහත්පෙලේතොරතුරු සපයන්නන්ගේ සහ, “බේකර් වීදියේ අවිධිමතුන්”යනුවෙන් ඔහු විසින් හදුන්වනු ලැබූ, විදිළමා කණ්ඩායමේත් සේවය ලබා ගත්තේය. මෙම කණ්ඩායම ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක්, සිව්දෙනාගේ සලකුණ සහ "වකගැසුන මිනිසාගේ වික්‍රමය" යන කතා තුන තුල දැකිය හැකිය.
හෝම්ස්ගේ පවුල පිළිබද තොරතුරු ඉතාම අල්පය. කතා තුල ඔහුගේ දෙමාව්පියන් පිළිබද සදහනක් නැති අතර, ඔහුගේ මුතුන් මිත්තන්, ප්‍රාදේශීය ප්‍රභූ සේවකයන් බව යන්තමින් සදහන් වී ඇත. “ග්‍රීක අනුවාදකයාගේ වික්‍රමය”හි හෝම්ස් පවසන්නේ ප්‍රංශ කලාකරු වර්නට් ඔහුගේ සීයා කෙනෙකු වන බවයි. ඔහුට වඩා අවුරුදු හතකින් වැඩිමල්, ඔහුහේ සොයුරු මයික්‍රොෆ්ට්, රජයේ නිලධාරියෙක් වන අතර . “ග්‍රීක අනුවාදකයාගේ වික්‍රමය”, “අවසන් ගැටලුව” සහ “බ්රූස් පාටින්ටන් සැලසුම්වල වික්‍රමය” යන කතාතුල දක්නට ලැබේ. “පාලු නිවස”හි සදහන්වන ආකාරයට, රාජ්‍ය සේවයේ සුවිසේෂි නිලයක් දරණ, මයික්‍රොෆ්ට් රාජ්‍ය පතිපන්තිය සම්භන්ධයෙන් මතක ගබඩාවක් හො දත්ත ගබඩාවක් ලෙස කටයුතු කරයි. නිරීක්ෂණ සහ නිගමන සම්භන්ධයෙන් මයික්‍රොෆ්ට් ෂර්ලොක්ත් වඩා දක්ෂයෙකු බව සදහන්වන නමුත්, ෂර්ලොක් ලෙසින් උනන්දු සහ ජවසම්පන්න නොවන ඔහු, “ලන්ඩනයේ ඉතාම සමාජ ශීලී නොවන මිනිසුන්ගේ සංගමය “ වන ඩයෝජිනීස් සමාජයේ කාලය ගත කිරීමට ප්‍රියකරයි.
දොස්තර වොට්සන් සමග ජීවිතය[සංස්කරණය කරන්න]
හෝම්ස් රහස් පරීක්ෂකයෙකු ලෙස ගත කරන වසර 23 තුළ, වසර 17ක් වෛද්‍ය ජෝන් වොට්සන් සමග ගත කරන ලදී. වොට්සන් ගේ 1887 වසරේ විවාහයට පෙර සහ ඔහුගේ බිරිඳගේ මරණයෙන් පසු කාළසීමාව මොවුන් දෙදෙනා මිත්‍රයින් ලෙස කාලය ගත කරන ලදී. හඩ්සන් මහත්මිය සතු නිවසක ඔවුන් රැඳී සිටින ලදී. බොහෝ ෂර්ලොක් හෝම්ස් කතාත්ථර වෛද්‍ය වොට්සන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලියන ලද සිත්ගන්නාසුළු පරීක්ෂණයන් වේ. හෝම්ස් නිතර නිතර වොට්සන්ට පවසන්නේ තම කථාන්ථර පළ කිරීමේදි ආකර්ශණීය බවට ඉඩ නොදී විද්‍යාත්මකභාවයට ඉඩදෙන ආකාරයට පළ කරන ලෙසයි.
උපුටා ගැනීම විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

No comments:
Post a Comment