සති අග විශ්වකෝෂය - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Apr 29, 2016

සති අග විශ්වකෝෂය

   සති අංක: 1

මාර්ටින් වික්‍රමසිංහ
මාර්ටින් වික්‍රමසිංහ මහතාණන් (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික සිංහල නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 2

වයලීනය
වයලීනය ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. 'රාවණ රස්තම්' නම් වූ වාද්‍ය භාණ්ඩය ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝලා නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියැ වේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 3

සිතාරය
සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 4

Australasian Darter
ශ්‍රී ලංකාව, ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති, ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය ඒකීය රාජ්‍යයකි . ශ්‍රී ලංකා ජාතික කොඩිය රූපයේ දැක්වෙයි.
ඡායාරූපය: Zscout370
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
ලේඛනාගාරය – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 5

Australasian Darter
පුරාතන ලෝකයේ පුදුම හත (වමේසිටදකුණට‚ඉහලසිටපහලට) ගීසාහි මහා පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, එපිසස් හි ආටිමීස් දේවාලය, ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව මොසලෝනස් ගේ සොහොන් කොත, රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය, 16 වන සියවසේදී ඕලන්ද චිත්‍ර ශිල්පියකුවූ මාර්ටින් හීම්මෙස්කර්ක්ගේ ඇසින්
ඡායාරූපය: Magnus Manske
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 6

Australasian Darter
සියඹලා මලක්: සියඹලා ගසේ නිජබිම ගැන පැහැදිලි සඳහනක් නොමැත. ඉන්දියාව, සියඹලා ශාකයේ නිජ භූමිය වශයෙන් ඇතැම් විටක හඳුන්වා දී ඇත.
ඡායාරූපය: J.M.Garg
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 7

ක්ෂීරපථය
කැලිෆෆෝනියාවේ, ඩෙත් වැලි ජාතික උද්‍යානයයෙහි, රේස්ට්‍රැක් ප්ලායා (වියලි විල) ඉහලින්, ක්ෂීර පථය දිස්වන අයුරුය මේ. පෘථිවි පෘෂ්ඨ‍යෙහි සිට නැරඹූ කල, ක්ෂීර පථය, සමස්ත ආකාශ ගෝල‍ය හරහා චාපයක් ලෙසින් අහස හරහා දිවෙන, රාත්‍රී අහසෙහි අපැහැදිලි ලෙසින් දර්ශනය වන සුදු ආලෝක කලාපයකි (මෙම පුළුල් තිර දසු‍නෙහි චාපයක් ලෙසින් දිස් වේ). අප‍ගේ චක්‍රවාටයෙහි චක්‍රවාට තලයෙහි ඇති තාරකා සහ අනෙකුත් ද්‍රව්‍යයන් ගෙන් මෙය සමන්විත වෙයි.
view - edit



සති අංක: 8

Canberra
ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර දර්ශනයක්.
Photo: JJ Harrison
Archive – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 9

Mariecurie.jpg
මාරියා ස්ටොඩොව්ස්කා කියුරි හෙවත් මාරි කියුරි භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇය‍වේ.) එමෙන්ම පැරිස් විශ්ව විද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ.
ඡායාරූපය: Magnus Manske
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 10

Internet map 1024.jpg
අන්තර්ජාලයෙහි කුඩා භාගික සිතියමක්. අන්තර්ජාල ලිපිනයන් දෙකක් නිරූපණය කරන, පුරුක් දෙකක් අතර එක් එක් රේඛාව ඇඳ ඇත. මෙම සිතියමෙහි පුරුක් 40,000 කට වැඩි ගණනක් ඇති අතර, C පංතියෙහි ජාල ලිපින අවකාශයෙන් 2% ක පමණ ප්‍රමාණයක් නිරූපණය කරයි.
ඡායාරූපය: Magnus Manske
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 11

Sigiriya ladies.jpg
ප්‍රෞඪ ඉතිහාසයකඩ නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පූදූමයට පාත්‍රවන්නට තරම් වරම් ලද මහා කලා ගාරයකි.අපේ වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගෙනන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසාකයකට භාජනය වන පළමුවන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යනවිටය.
ඡායාරූපය: Magnus Manske
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 12

Yapahuwa Staricase 2 cdm.jpg
අනුරාධපුරයෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව රාජධානියයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් රාක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි.
ඡායාරූපය: Chindemaya
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 13

Australasian Darter
මෙහි දැක්වෙන්නේ පයිතගරස්ගේ ප්‍රමේයයෙහි සජීව සාධනයකි. ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍ර‍මේයය භාවිතයේ තිබී ඇත
ඡායාරූපය: Time3000
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 14

Australasian Darter
එවරස්ට් ශිඛරය සහිත හිමාල කඳු පංතිය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි සිට දිස් වන අයුරුය මේ. හිමාලය විසින්, උතුරෙහි පවතින මහත්වූ ටිබෙට සානුව (දැනටචීනයෙහි කොටසකි), දකුණින් පවතින ඉන්දියාව වෙතින්ද, නිරිත දිගින් පවතින පකිස්තානයෙහි උතුරු පෙදෙස් වලින්ද, විසංයුක්ත කරයි. ලොවෙහි අට-දහසක් උසැතියන්, එනම් මීටර 8000 ට වඩා උසැති කඳු, දස සතර අතුරින් සතරක් වන, මකාලු (8462 මී), එවරස්ට් (8850 මී), ලොට්සේ (8516 මී) සහ චෝ ඕයූ (8201 මී) මෙම කඳු පන්තියෙහි පවතියි.
ඡායාරූපය: Dschwen
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 15

Australasian Darter
චීන මහා ප්‍රාකාරය යනු, වර්තමාන මොන්ගෝලියාව සහ මැන්චූරියාව ප්‍රදේශ වලින් පැමිණි ආක්‍රමණ වලින් විවිධ රාජ වංශයන් ආරක්ෂා කර ගනු වස්, වසර 2,000 කට ආසන්න කලක් මුළුල්ලේ ගොඩනැගුණු, කි.මී. 6,352 (සැතපුම් 3,948 ) දිගැති චීන මුර බලකොටුව කි. මෙහි වක්‍රයේ බොහෝ තන්හී, දළ වශයෙන් උතුරු චීනය හා ඇතුළු මොන්ගෝලියාව අතර ‍‍‍දේශසීමාව සලකුණු කරයි. අභ්‍යාවකාශයෙහි සිට පියවී ඇසට ප්‍රාකාරය දිස්වන බවට කියැවෙතත්, සතුටුදායක තත්වයන් යටතේ යමෙකු මෙය සඳහා බැලිය යුතු දීශාව දන්නේ නම් එය දිස්වන බව පැවසීම වඩාත් සත්‍ය වේ.
ඡායාරූපය: Finavon
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 16

සූර්යයා
සූර්යයාගේ පීවන චක්‍රය පෙන්වන රූප සටහනක්.
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 17

Concretions
මෙහි දැක්වෙන්නේ Nikkor 28–200 mm විශාලක කාචයක් වන අතර වම් පස එය මිලි මීටර් 200 ක් දක්වා දිගු කර ඇති ආකාරයත් දකුණු පස මිලිමීටර් 28 ක නාභිය දුරක් ලැබෙන සේ හකුලා ඇති ආකාරයත් දැක්වේ.
Photo: Nikkon

තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 18

Australasian Darter
ඉලක්ට්‍රොනික් විද්‍යාවෙහි, රික්ත නලයක්, ඉලෙක්ට්‍රෝන නලයක්, තාපවිමෝචක කපාටයක්, හෝ කපාටයක් යනු; විදුලි සංඥාවක් වර්ධනයට, මං මාරුවට, වෙනත් අයුරින් විකරණය කෙරුමට, හෝ තැනීමට, අව-පීඩන අවකාශයක් තුල ඉලෙක්ට්‍රෝන චලනය පාලනය කිරීමට භාවිතා කරන මෙවලමකි. සමහරක් විශේෂිත රික්ත නල අව-පීඩන වායුවෙන් පුරවනු ලැබේ: මේවා ඊනියා මෘදු කපාට (හෝ නල) ලෙසින් හඳුන්වන්නේ, අභයන්තර වායු පීඩනය හැනිතාක් අවම කොට භාවිත කෙරෙන දෘඪ රික්ත වර්ගයෙන් ප්‍රභින්න බව දක්වමිනි. මේ සියල්ලම පාහේ, තාපය යෙදීමෙන් ඉලෙන්ට්‍රෝන විමෝචනය කීරීම මත යැපෙන අතර එමනිසාම තාපවිමෝචක වේ.
ඡායාරූපය: Materialscientist
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 19

Australasian Darter
මෙම රූපයෙන් දැක්වෙනුයේ සිඩ්නි,නිව් සවුත් වේල්ස්,ඕස්ට්‍රේලියාවෙහි පිහිටා තිබෙන ඔපෙරා හවුස්ගොඩනැගිල්ලයි.මෙය විසිවෙනි සියවසෙහි ඉදිකල ඉතාමත් කැපී පෙනෙන සහ ප්‍රසිද්ධ ගොඩනැගිලි වලින් එකකි.
සේයාව: Chmouel
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 20

Australasian Darter
සැබ්රිස්කි පොයින්ට් යනු එහි අලංකාර ශුෂ්ක භූදර්ශන ප්‍රතික්ෂේප විරෝධය සඳහා ඩෙත් වැලෙයි ජාතික වනෝද්‍යානයෙහි එක්තරා ප්‍රදේශයකි. එහි පරික්‍රමණ භූමි විස්තර දුෂ්කරතා නිසා එය නිසරු බිම් ලෙස හදුන්වයි.
සේයාව: Daniel Mayer
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 21

Australasian Darter
වාහන හා කර්මාන්ත කටයුතු සඳහා බහුල ලෙසින් භාවිත වන අභ්‍යන්තර දහන එන්ජිමක සිව් පහර දක්වන සජීවිකරණයකි. මෙම වක්‍රයෙහි පහර හෙවත් එන්ජිම් සිලින්ඩරයක් තුල පිස්ටනයක ඉදිරියට හා පසුපසට සිදු වන චලන සතරකි:
  1. චූෂණය
  2. සම්‍පිණ්ඩනය
  3. බලය
  4. වැයකර අවසන් කිරීම
සේයාව: UtzOnBike
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 22

Australasian Darter
ඩාර්ලිංටෝනියා (ඩාර්ලිංටෝනියා කැලිෆෝර්නිකා), කැලිෆෝර්නිකා බාඳුරාවැල හෝ නාඋපුල් ලෙසද හදුන්වන මෙම ශාකය සාරාසීනියාසී පෙළපතට අයත් මාංශ භක්ෂක ශාකයකි. ඩාර්ලිංටෝනියා ශාකය කැලිපෝනියා සහ ඔරිගන් වලට
ආවේණික වන අතර වගුරුවල සහ තෙත් බහිනලද ස්ථානවල සෑදෙයි.
සේයාව: Daniel Keshet
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 23

Australasian Darter
මෙය ක්වීන්ස්ටවුන්හි විලක දර්ශණයකි. The Remarkables are a 540 acre mountain ski field located south of Queenstown, New Zealand. The other ski fields in Queenstown are Cardrona, Coronet Peak, and Treble Cone. Queenstown is a resort town in South Island and is surrounded by the Southern Alps.
සේයාව: Tiles
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 24

Australasian Darter
Centre Block and Library of the Parliament of Canada. The Parliament of Canada is housed in a complex on Parliament Hill, on the banks of the Ottawa River in downtown Ottawa, in a Gothic revival suite of buildings. The best known is the Centre Block, with its prominent Peace Tower, a national symbol. The richly decorated interior of the centre block contains allegorical scenes.
සේයාව: Montréalais
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 25

Australasian Darter
Broadbarred firefish (Pterois antennata) in Schönbrunn Zoo, Vienna, Austria. Pterois is a genus of marine fish found mostly in the Indo-Pacific. Scorpionfish is another common name of Pterois, as its spines are venomous.
සේයාව: Christian Mehlführer
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 26

Australasian Darter
ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුල සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පසළොස්වක පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භකිරීමේ සාකච්ඡාව පවත්වන ලදි.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීරය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගි විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාව් නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවිම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවිරගේ මැදිහත්වීමද මේ සදහා බලපාන ලදි. මේ කාල සීමාව තුල ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට ඛෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීනපිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන ලදි.
ඡායාරූපය: MaggotMaster
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 27

Australasian Darter
නියම්ගම්පායස්ථානය යනු ගම්පොළ නගරය ආසන්නයේම පිහිටි ඉතා පැරණි විහාරස්ථානයකි. ලී කැටයම් බහුලව දකින්නට ඇති මෙම විහාරස්ථානයේ නම, පැරණි විහාරවල නම් ලැයිස්තුවක් දැක්වෙන නම්පොත නම් ග්‍රන්ථයේ ද දක්නට ඇත.
ඡායාරූපය: Kumudupinto
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 28

Australasian Darter
99.999% ගැල්ලියම් වල ස්එටික. ගැල්ලියම් රසායනික මූලද්‍රව්‍ය යනු දුර්ලභ, මෘදු, රිදිවන්, ලෝහමය සුළු ලෝහයකි. එය බොක්සයිට් සහ සින්ක් සරුලෝපස් වල අංශුමාත්‍ර ප්‍රමාණ වශයෙන් දක්නට ලැබේ. ගැල්ලියම් එහි ඉස්තරම් රිදිවන් පැහැයෙන් සහ එහි වීදුරුවක් වැනි ඝන, ද්‍රව, ලෝහ කැඩුම්බිදුම් ශංඛාභි මගින් සංගණ්‍ය වේ.
සේයාව: Foobar
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 29

Australasian Darter
මාලදිවයින් සමූහාණ්ඩුවෙහි අගනුවර වන මාලේ හි ගුවන් ඡායාරූපයකි. මාලේ පිහිටා ඇත්තේ කාෆු අතොළුවේ මාලේ දිවයිනෙහි වුවද, පරිපාලනමය වශයෙන් එය කාෆු හි කොටසක් ලෙස පිළිනොගැනෙයි. මෙම දිවයින අධික ලෙසින් නාගරීකරණයට ලක්වී ඇති අතර, නගරය, එහි මුළු භූමි ප්‍රමාණයම භාවිතයට ගනිමින්, ලොව අධික ලෙස ජනාකීර්ණ නගර අතුරින් එකක් බවට පත්වී ඇත. 2004 දෙසැම්බර් මාසයේදී ඇතිවූ ඉන්දියානු සාගර භූමිකම්පාව හේතුවෙන් ජනිතවූ සුනාමිය නිසා නගරයෙන් තුනෙන් දෙකක් ජලයෙන් යටවිය.
ඡායාරූපය: Mattes
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 30

Australasian Darter
දෙවන ලෝක යුද්ධයෙහි අක්ෂ පිලෙහි නායකයන් දෙදෙනෙකු වන, ෆැසිස්ට් ඉතාලියෙහි බෙනීටෝ මුසොලීනි (වමෙහි) සහ නාසි ජර්මනියෙහි ඇඩොල්ෆ් හිට්ලර්කර්නිග්ස්ප්ලාස්, මියුනික්හි, උපහාර දේවාල ඉදිරියෙහි සිටිමින් ඔවුන්ගේ හමුදා, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් වැදුමට උතුරු අප්‍රිකාව හා ඊජිප්තුව වෙත පිටත් කර යවන අයුරුය මේ.
ඡායාරූපය: it: Istituto Luce
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 31

Australasian Darter
ඡවි ආචරණය යනු සන්නායක් තුලින් ගමන් කරන ප්‍රත්‍යාවර්ත ධාරාවක් සන්නායකයේ අරටුව තුලින් ගමන් කරනවාට වඩා එහි පෘෂ්ඨයට කිට්ටුවෙන් ගමන් කිරීමට ඇති ලැදියාවයි. මේ අනුව ප්‍රත්‍යාවර්ත ධාරාවක් සන්නායකයක ඡවිය හෝ සිවිය හෝ සම හෝ තුලින් ගමන් කිරීමට ප්‍රවණතාවක් දක්වයි. මෙම ඡවි ආචරණය නිසාවෙන් ධාරවෙහි සංඛ්‍යාතය ඉහළ යෑම සමගින් සන්නාකයේ ඵලදායී ප්‍රතිරෝධය ඉහළ යයි. ඡවි ආචරණයට හේතුව ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ඇතිකරන සුළි ධාරාවන්ය.
ඡවි-ගැඹුර \delta යනු සන්නායකයක පෘෂඨයට පහළින් ප්‍රත්‍යාවර්ත ධාරාවකට කාවැදිය යා හැකි හෝ විනිවිද යා හැකි හෝ දුර පිළිබඳ මිනුමකි. සූක්ෂ්ම තරංග හෝ මයික්‍රොවේව් තරංග සන්නායකයක පෘෂ්ඨය අද්දරින්ම ඇති කොටසේ පමණක් ගලා යයි. එම සංඛ්‍යාත භාවිතා කරන පරිපථ කොටස් සිලින්ඩරාකාර ආකාරයට තැනේ.
ඡායාරූපය: Biezl
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 32

Australasian Darter
සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි.එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ "සොපාන හෙට්ටිචන්දපාෂාණ" යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණ. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක.සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.
ඡායාරූපය: Kurun
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 33

සකේ
සකේ යනු සහල් වලින් පෙරෙන ජපාන මධ්‍යසාරීය පානයකි. ජපානයෙහි, මෙම වදනෙහි සරල අරුත වන්නේ මධ්‍යසාරීය පානය යන්නය. ජපානයෙහි අනෙකුත් මධ්‍යසාරයන් මෙන්ම, විශේෂයෙන්ම අනෙක් පුද්ගලයෙකුට පිරිනැමෙන කල්හි, සකේ පිළිගන්වන්නේ, අතෙහි අල්ල පහළට පිහිටන අයුරින් හා අතෙහි පිටුපස ඉහළට පිහිටන අයුරිනි,. අතෙහි අල්ල ඉහළට පිහිටන අයුරින් පිළිගැන්වීම අශිෂ්ඨත්වය පෙන්වන බවට සලකනු ලබන අතර, විමතිය හා නොකමැත්ත ඉස්මතු කල හැක.
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 34

Australasian Darter
බොන්සායි කලාව ජනිත වූයේ මීට වසර දෙදහසකට පමණ පෙර චීනය තුල වන අතර, එවිට එය හැඳින්වුවේ පෙන්සායි ලෙසිනි; ටැං හෝ සොං රාජවංශය (7වන – 13වන සියවස) තුලදී එය කොරියාව වෙත පැතිරිණි. චීන කලාව බොහෝදුරට පිටස්තර ප්‍රදර්ශනය තකා වූ බැවින් එම ශාක දැනට ජපාන බොන්සායි හි දක්නට ලැබෙන ඒවාට වඩා විශාල විය. බොන්සායි ශාකයක් උපතින්ම කුරු ශාකයක් නොවේ; එය කුඩා බව ලබාගන්නේ හැඩ ගැන්වීමෙන් හා මුල් කප්පාදුකිරීමෙන්ය.
ඡායාරූපය: කෘපසේ
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 35

Australasian Darter
පිම්මේ දුවන අශ්වයෙකුගේ සජීවිකෘත කාටුනයක්. මෙම සජීවිකරණය තනන ලද්දේ ඉයඩ්වියඩ් මයිබ්‍රිජ්ගේ මුල් යුග 19 වන සියවස් සේයාරූ භ්‍රමේක්‍ෂකරණය කිරීමෙනි. සජීවිකරණය "පුඩුලූ", එනම් නැවත නැවත වීමට සැලැස්වූ, සිත්තම් 8 කින් යුතු වේ.
ඡායාරූපය: J-E Nyström
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 36

එයරොජෙල්
එයරොජෙල් 2.38 ග්‍රෑම් ස්කන්ධයක් විසින් 2.5 කිලෝ ග්‍රෑම් ගාඩාලක් උසුලමින් සිටින අයුරු. වාතය 99.8% ක් පමණ ප්‍රතිශතයකින් සමන්විත හා ඝන සෙන්ටිමීටරයකට මි.ග්‍රෑ 1 පමණ අඩු අගයක ඝනත්වයක් දරණ එයරොජෙල් යනු අනම්‍ය ෆෝම් වර්ගයකි.
ඉතාමත් හොඳම පරිවාරකය හා අඩුම ඝනත්වය දරණ ඝනය ඇතුළු, දව්‍යමය ගති ලක්ෂණ සඳහා පිරිනැමුණු විවිධ වාර්තා 15ක් එයරොජෙල් සතු වෙයි.

ඡායාරූපය: J-E Nyström
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 37

Australasian Darter
බමන නටන්නිය යනු චක්‍රනෘත්‍යයෙහි යෙදෙන නාටිකාංගනාවක් වැනි සදෘශ්‍යයක් දක්වන, චාලක, බහුස්ථායි ප්‍රකාශ මායාවකි. සමහරක් නිරික්‍ෂකයන් ආරම්භයෙහිදී දකින්නේ රූපය දක්‍ෂිනාවර්තව බමන බවක් වන අතර සමහරෙක් එය වාමාවර්තව බමන බවක් දකිති. මීට අමතරව, සමහරෙක් විසින් රූපය හදිසියෙහි විරුද්ධ අතට බැමීම අරඹන බවක් දකිනු ලබති. මෙම මයාව ව්‍යුත්පන්න වන්නේ ගැඹුර දක්වන දෘශ්‍ය ඉඟියන් රහිත වීම නිසාවෙන් ජනිත සහජ ව්‍යාකූලත්වයක් නිසාවෙනි. මෙම හෝ මෙවැනි හෝ දෘශ්‍ය ව්‍යාකූලත්වයන් හේතුවෙන් ජනිත වන්නාවූ, නෙකර් ඝනකය වැනි වූ, අනෙකුත් ප්‍රකාශ මායාවන්ද ඇත්තේය.
ඡායාරූපය: Nobuyuki Kayahara
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 38

Australasian Darter
ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.
ඡායාරූපය: බිඟුවා
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 39

Australasian Darter
මෙහි දැක්වෙන්නේ මුල්ම බෙන්ස් මෝටර් රථයයි. මෝටර් රථය හෙවත් “ඔටෝමොබිල්” (ප්‍රංශ හා ශ්‍රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්‍රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම ‍වේ) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු ‍වේ. බෙහොමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර් රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනී‍මේ හැකියාවක් පවතී.
ඡායාරූපය: බිඟුවා
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 40

Australasian Darter
ශාකයක පත්‍ර යනු ප්‍රභාසංශ්ලේෂණය සිදුවන ප්‍රාථමික ස්ථානයන්ය. ඒවාට කොළ පැහැය ලැබෙන්නේ, ශාක පත්‍රය මත වැටෙන හිරු එළියෙහි ශක්තිය අවශෝෂණය කරගන්නා වර්ණකයක් වන, හරිතප්‍රද නිසාවෙනි. නාරටි මගින්, පත්‍රයෙහි වාහිනීමය පටකය සාදමින්, පත්‍රයට ජලය රැගෙන ඒම සහ ප්‍රභාසංස්ලේෂණය විසින් සදනු ලබන ඕජය ඉවතට ගෙන යෑමද සිදු කෙරේ.
ඡායාරූපය: PDPhoto.org
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 41

Australasian Darter
යුධ ටැංකියක ක්‍රමාණුරූපය කි . සටන් බිමෙහිදී යුධ ටැංකියක හැකියාව තීරණය කරන සාම්ප්‍රදායික කරුණු වන්නේ එහි වෙඩි බලය, ආරක්‍ෂිත බව, හා චලන හැකියාව වේ. යුධ ටැංකියක නිර්මාණය මෙම අවශ්‍යතාවන් තුනෙහි මධ්‍ය සමථය අනුව වේ; වෙඩි බලය, ආරක්‍ෂිත බව සහ චලන හැකියාව යන කරුණු තුනෙහි උපරිම මට්ටම එක් වරම පවත්වා ගෙන යා හැකි නොවේ.
ඡායාරූපය: Doug Hatfield
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 42

Australasian Darter
ධර්මයෙහි යෙදීම හා ගම්වැසියනට උපකාර කිරීම යන පුරාතන සිරිතෙහි නියැලෙමින් තායි භික්ෂූහු වන්දනා ගමනෙහි යෙදෙති.
ඡායාරූපය: Tevaprapas
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 43

Australasian Darter
අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය ‍බොහෝ ඈත කාලය දක්වා දි‍වෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුග‍යේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.
මෙම අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ඝනයට වැටෙන සත්ත්ව වර්ගයක් ලෙස හැදින්වේ.අද වන විට ලෝකයේ ඉතිරිව ඇත්තේ අලි විශේෂ 2 ක් පමණි.ඒ අප්‍රිකානු හා ආසියානු අලියාය.ශරීරයෙන් විශාල වුවද අලියා මිනිසාට හිතවත් මෙන්ම අහිංසක සත්ත්වයෙකි.සත්ත්ව ලෝකයේ දැවැන්තයා වන අලියා ආරක්ෂා කරගැනීම මිනිස් සංහතියේ වඟකීම වේ.
ඡායාරූපය: Tevaprapas
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 44

Australasian Darter
ශ්‍රී ලංකාව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත 2006 දෙසැම්බර් පළමු වෙනිදා සිට රට පුරා ක්‍රියාත්මක කර තිබේ.දුම්කොළහා මධ්‍යසාර නිසා ජනතාවගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට මෙන්ම සදාචාරයට සිදුකෙරෙන අනර්ථය වැළැක්වීම මේ පනත ක්‍රියාත්මක කිරීම‍ට හේතු විය. මෙම පනතේ ප්‍රධාන අරමුණ වනුයේ දුම්කොළ හා මධ්‍යසාර ආශ්‍රිත හානි තුරන් කිරීම සඳහා මහජනතාව විශේෂයෙන් ළමයි දුම්පානයට හා මධ්‍යසාර භාවිතයට යොමු වීම අධෛර්යමත් කිරීමය.
ඡායාරූපය: Tevaprapas
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 45

ටාගස් නදිය
මෙහි පෙනෙන ටාගස් නදිය ලෝක උරුම ලැයිස්තු ගත නගරයක් වන ස්පාඤ්ඤයේහි, ටොලේඩෝ හරහා ගලා යයි. 1,038 කිලෝමීටර (645 සැත) දිග එය අයිබීරියානු අර්ධද්වීපයේ දිගම ගංගාව වෙයි.
ඡායාරූපය: David Iliff
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 46

Australasian Darter
පයි හී අර්ථදැක්වීම පෙන්වන සජීවීකරණ රූපයක් . ඒකක විෂ්කම්භයක් සහිත වෘත්තයක් අනුසාරයෙන් සංඛ්‍යා රේඛාවක් ක්‍රමාංකිත කොට ඇත. ශුන්‍යයෙන් අරඹා, වෘත්තය එහි පරිධිය "දිග හරියි" . දිගහැරුනු පරිධිය එක් මුළු වටයක් අවසන අප විසින් π ලෙසින් හඳුන්වනු ලබන ස්ථානය වෙත ලඟාවී ඇත. මෙය තාත්වික එහෙත් අපරිමේය, අනුභූති-උත්තර, සහ කවකටුව සහ සෘජු දාරය භාවිතයෙන් නිර්මාණය කළ නොහැකි සංඛ්‍යාවකි .
ඡායාරූපය: ජෝන් රීඩ්
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 47

Australasian Darter
ඉදුනු අලිගැටපේර ඵලයක් එවන් තවෙකෙක හරස්-කඩක් හා සමග මෙහි දැක්වෙයි. මෙම පළතුර (උද්භිද විද්‍යාත්මකව එක් බීජයක් සහිත විශාල බදරිය ගෙඩියකි) වාණිජමය වශයෙන් වටනා වන අතර, ලොව පුරා නිවර්තන කලාපීය සහ මධ්‍යධරණී දේශගුණයන්හී වගා කෙරෙයි. මෙම වෘක්ෂයන් අර්ධ වශයෙන් ස්වපරාගණයෙහි යෙදෙන අතර සමහරවිට ශාඛාබද්ධය මගින්ද ව්‍යාප්ත කෙරෙන්නේ ඵලයෙහි තත්ත්වය හා ඵලදාව කලින් පැවසිය හැකි බව පවත්වාගෙන යෑම හැකි වන පරිදීය.
ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 48

Australasian Darter
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න...
ගල් වැට ලඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න...
සතර දිසා ජය ගෙන මම හනික එමි...
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි...
එපා ඔටුනු මගේ සිරසට...
එපා සිහසුනක් හිඳිනට...
ලොවේ අනිසි අවමන් මැද නොසෙල්වෙමි...
දුවේ/පුතේ කියා මා අමතන් පියාණෙනි/මෑණියෙනි...
ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 49

Australasian Darter
සංසක්තිය යනු අන්‍යෝන්‍ය ලෙස ආකර්ෂණීය වීම නිසාවෙන් සමාන අණු එකිනෙකට ඇලී පැවතීමේ ක්‍රියාව හෝ ගුණය වේ. ඩිස්කවරි ස්පේෂ් ෂටලය තුල බර රහිත ජල "බුබුළෙහි" මෙම ඡායාරූපය දක්වන අන්දමට ජලය ඉතාමත් ප්‍රබල ලෙසින් සංසක්ති බවක් පෙන්වයි . වර්තනය නිසාවෙන් බුබුළ තුල අභ්‍යාවකාශගාමියාගේ රූපය උඩු යටිකුරු වී පෙනෙන බව සටහන් කර ගන්න.
ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 50

Australasian Darter
ටිකිරි ටිකිරි ටිකිරි ලියා ..
කළෙත් අරන් ලිඳට ගියා..
ලිඳ වට කර කබරගොයා..
කකුල කාපි දිය බරියා.
ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 51

Orangetrees.jpg
මේ ගසේ බොහෝ .. පැණි දොඩම් තිබේ..
ඉදිලා පැහිලා.. බිමට නැමිලා..
බර වෙලා අතු ..
නංගිටයි මටයි... ගෙඩි දෙකක් ඇති...
වැඩිය කඩන ... නරක ළමයි..
හෙම නොවේ අපි...
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය
තෝම්බුව – පැරණි සේයා රූ...
view - edit



සති අංක: 52

කොටියා
ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල හමුවන විලෝපික ක්‍ෂීරපායී සත්ත්‍වයෙකි. සත්ත්වවිද්‍යාව අනුව කොටි උප විශේෂයක් වන අතර සත්ත්වවිද්‍යාත්මක නාමය පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya)වේ. ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය.
ශ්‍රී ලංකා කොටියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුණත්, නවතම පර්යේෂණයකින් සොයාගත් තොරතූරුවලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික අභය භූමියතුළ ලොව විශාලතම කොටි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.
ඡායාරූපය: Anuranga7

No comments: